Home ක්‍රීඩා පුවත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නිල ජර්සිය එළිදකී

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නිල ජර්සිය එළිදකී

by Free News
0 comment

දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන පන්දුවාර 20යි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල ජර්සිය ඊයේ (01) එළිදක්වා තිබේ.

ඒ, කොළඹදී පැවති උත්සවයකදීය.

පන්දුවාර 20යි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය දකුණු අප්‍රිකාවේදී පෙබරවාරී 10වැනිදා ආරම්භ වීමට නියමිතය.

මේ අතර 20-20 ලෝක කුසලානයට සහභාගී වන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඊයේ නම් කළ අතර චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ අත්දැකීම් බහුල ක්‍රීඩිකා හසිනි පෙරේරා ආබාධයක් හේතුවෙන් ඉවත් වී තිබේ.

ඒ, වෙනුවට සත්‍යා සන්දීපනී සංචිතයට කැඳවා ඇති අතර වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායමේ නායිකා විශ්මි ගුණරත්නද සංචිතයට ඇතුළත්ව සිටී.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය නම්කළ 19න් පහළ ලෝක විස්සයි විස්ස කණ්ඩායමේද විශ්මි ගුණරත්න සාමාජිකාවක් වීම විශේෂත්වයකි.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital