Home දේශීය පුවත් ශ්‍රී ලංකාවේ රිළවුන්ට චීනයෙන් ඉහළ ඉල්ලුමක්

ශ්‍රී ලංකාවේ රිළවුන්ට චීනයෙන් ඉහළ ඉල්ලුමක්

by Free News
0 comment

ශ්‍රී ලංකාවේ රිළවුන් චීනයේ සත්වෝද්‍යාන සඳහා ලබා දෙන ලෙස චීන නියෝජිතයින් පිරිසක් කෘෂිකර්ම අමාත්‍යාංශයට ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ.

මෙම ඉල්ලීම අනූව අප රටේ රිළවුන් 100,000 පළමු අදියර යටතේ ලබා දීම සඳහා විශේෂ සාකච්ඡාවක් අද බත්තරමුල්ල කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැත්විනි.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම සාකච්ඡාවට කෘෂිකර්ම අමාත්‍යාංශය, ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව, වනජීවි දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නිලධාරිහු පිරිසක් සහභාගි වූහ.

මෙම සාකච්ඡාව අනුව මෙරට රිළවුන් විදේශ රටක් සඳහා ලබා දීමේ දී පවතින නීතිමය තත්ත්වයන් සම්බන්ධව කරුණු අධ්‍යයනය සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත කමිටුවක් පත් කිරීමට පියවර ගත යුතු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

එම කමිටුවට කෘෂිකර්ම අමාත්‍යාංශය, සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව, වනජීවි දෙපාර්තමේන්තුව හා නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරින් ද ඇතුළත් විය යුතු බව අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම කමිටුව වහාම පත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් සැකසීමට නියමිතය.

දැනට අප රටේ රිළවුන් ගහනය ලක්ෂ 30කට ආසන්න බව හෙළිදරව් වී තිබේ. මෙරට වගා හානි සිදු කරන සතුන් අතර ප්‍රමුඛතමයා වන්නේ ද රිළවායී. රිළාගහනය අවම කර ගැනීම සඳහා රජය විසින් මෙතෙක් ගත් සියලු උත්සාහයන් ව්‍යවර්ථ වී තිබේ.

රිළවුන් ගෙන් සිදුවන හානිය ගත් කළ බෝගහානි සඳහා වැඩිම තීව්‍රතාවය නැතහොත් උග්‍රහානිය වාර්තා වී තිබෙන්නේ ද රිළවුන් ගෙන් බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පුහුණු හා පර්යේෂණ ආයතනයේ සමීක්ෂණ මගින් තහවුරු වී තිබේ. ගොවිජන සංවර්ධන බල ප්‍රදේශ 250ක් ආශ්‍රිතව සිදු කරන ලද සමීක්ෂණ අනුව රිලවුන් විසින් බල ප්‍රදේශ 110ක පූර්ණ හානි ද, බලප්‍රදේශ 235ක උග්‍ර හානි ද 155ක අර්ධ හානි ද , සිදු කරනු ලැබ තිබේ. රිලවුන්ගෙන් සිදුවන වැඩිම හානිය වාර්තා වන්නේ වයඹ පළාතෙනි.

කෙසේ වුවද රිළවුන්ගෙන් මෙරට වගාවන්ට සිදුවන හානිය දෙස බලන විට රිළවුන් ලබා ගැනීම සඳහා වෙනත් රටක් ඉදිරිපත් වීමම සතුටට කාරණයක් බව ද මෙහිදී අවධාරණය විය.

 

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital