Home දේශීය පුවත් ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා ඇරඹේ

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා ඇරඹේ

by Free News
0 comment

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ කටයුතු සම්බන්ධීකරණය සඳහා වන විශේෂ සාකච්ඡාව ජපානය, ඉන්දියාව සහ ප්‍රංශය මූලිකත්වය ගෙන ආරම්භ කෙරුණි.

එම රටවල් අමෙරිකාවේ වොෂිංටන් හි පැවැත්වෙන ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වාර්ෂික ස්ප්‍රින්ග් මීටින්ස් රැස්වීමට සහභාගී වී සිටින අතරතුර මෙම විශේෂ මාධ්‍ය හමුව පැවැත්වුණි. .

ශ්‍රී ලංකාව සහ එහි සියලුම ණය හිමියන් අතර සමීප සම්බන්ධීකරණය, ණය ස්ථාවරත්වය ඇතිකිරිම සදහා ප්‍රතිකර්මයක් කඩිනමින් ක්‍රියාත්මක කිරිමට ඉතා වැදගත් වන බව ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය එහිදී පැවසුවාය. ශ්‍රි ලංකාවේ දීර්ඝ කාලීන මිතුරෙකු වශයෙන් ඉන්දියාව ණය ප්‍රතිව්‍යුහගත කරණය සම්බන්ධයෙන් පළමුව කැමැත්ත පළ කළ බවද බලාපොරොත්තු නොවූ ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රි ලංකාවට සහාය පළ කළ බවද ඉන්දීය මුදල් අමාත්‍යවරිය කීය.

ඇය වැඩිදුරටත් සදහන් කළේ ශ්‍රි ලංකාව සහ ශ්‍රි ලංකාවට ණය දෙන රටවල් සමඟ සහයෝගයෙන් කටයුතු කරන බවය.

එහිදී අදහස් දැක්වු ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමණාකාර අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා එම මාධ්‍ය හමුවේදී සඳහන් කළේ ශ්‍රි ලංකාවට සිය අර්බුදයෙන් හැකි ඉක්මනින් ගොඩඒම සදහා කඩිනමක් විසඳුමක් අවශ්‍ය බවය. සියලුම ද්ව්පාර්ශවික ණය හිමියන් සාකච්ඡා වලට සහභාගී වී පළමු සමාලෝචනයට පෙර එම ක්‍රියාවලිය සම්පුර්ණ කරනු ඇති බවට බලාපොරොත්තු වන බවද ඔහු සදහන් කළේය.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital