Home දේශීය පුවත් ශ්‍රී ලංකාවට භූ කම්පන අවදානම අවමයි

ශ්‍රී ලංකාවට භූ කම්පන අවදානම අවමයි

by Free News
0 comment

ඉන්දු-ඔස්ට්‍රේලියා භූ තැටිය මධ්‍යයේ ශ්‍රී ලංකාව පිහිටි නිසා භූ කම්පන තත්ත්වයන් ඉතා අවම බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ භූ භෞතික විද්‍යාඥ මහින්ද සෙනෙවිරත්න මහතා පැවසීය.

ඔහු එසේ ප්‍රකාශ කළේ, පසුගිය 10 දින බුත්තල පැල්වත්ත ප්‍රදේශයේ ඇති වූ මැග්නිටියුඩ් ඒකක 3.0 සහ 3.5 අගයන්ගෙන් යුත් භූ කම්පන සහ 11 දින වැල්ලවාය ප්‍රදේශයේ ඇති වූ මැග්නිටියුඩ් ඒකක 2.3ක භූ කම්පන පිළිබඳව විමසීමේදීය.

10 සහ 11 දින ඇති වූ එම සුළු භූ කම්පන තත්ත්වයන්ට ඉන්දු ඔස්ට්‍රේලියානු භූ තලයේ සිදු වන වෙනස්කම් බලපෑ හැකි බවද සෙනෙවිරත්න මහතා කීය.

ලංකාවේ බටහිරට වඩා නැගෙනහිර ප්‍රදේශයේ භූ කම්පන ඇති වීමේ අවදානම වැඩි යැයිද පැවසූ සෙනෙවිරත්න මහතා ත්‍රිකුණාමලයෙන් පහළට බිබිල හරහා හම්බන්තොට දක්වා තීරුවෙහි වාර්ෂිකව භූ කම්පන ඇති වන බව පෙනී යන බවද සඳහන් කළේය. පසුගිය දිනවල භූ කම්පන ඇති වූ ප්‍රදේශද එම කලාපයට අයත් යැයිද ඔහු පැවසීය. මෙම තත්ත්වය අලුත් දෙයක් නොවන බවද ඒ මහතා කීය.

එමෙන්ම හම්බන්තොටට කිලෝ මීටර් 1500ක් පමණ දුරින් ඉන්දු ඔස්ට්‍රේලියානු භූ තැටිය ක්‍රමක්‍රමයෙන් දෙකඩ වෙනවා යැයි කියා අදහසක් තිබෙන බවත් එහි බලපෑම පසුගිය දිනවල බුත්තල වැල්ලවාය ප්‍රදේශවල ඇති වූ භූ කම්පන තත්ත්වයට බලපෑමක් ඇති වූවාද කියා කිව නොහැකි බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital