Home දේශීය පුවත් ශ්‍රී ලංකාවට කැනඩාවෙන් රුපියල් මිලියන 817ක මානුෂීය ආධාර !

ශ්‍රී ලංකාවට කැනඩාවෙන් රුපියල් මිලියන 817ක මානුෂීය ආධාර !

by Free News
0 comment

ශ්‍රී ලංකාවේ වඩාත් අවදානමට ලක්විය හැකි ප්‍රජාවගේ අවශ්‍යතා සපුරාලීම සඳහා රුපියල් මිලියන 817 ක් ලබාදීමට කැනඩාව ඉදිරිපත්ව සිටිනවා.

ශ්‍රී ලංකාවේ කැනඩා තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ජාත්‍යන්තර රතුකුරුස හා රතු අඩ සඳ සම්මේලනය ක්‍රියාත්මක කර ඇති මානුෂීය වැඩසටහන්වලට ප්‍රතිචාර වශයෙන් මෙම ආධාර ලබාදෙන බවයි.

ආහාර, සෞඛ්‍ය සහ පෝෂණ සේවා, පිරිසිදු ජලය ලබාගැනීම ආදී අත්‍යවශ්‍ය සේවා සදහායි මෙම ආධාර මුදල පිරිනැමෙන්නේ.

ආර්ථික අර්බුදයට ප්‍රතිචාර දක්වමින් ක්ෂණික අවශ්‍යතා සපුරාලීම සදහා කැනඩාව මේ වනවිටත් ප්‍රතිචාර දක්වා ඇති බවද කැනඩා තානාපතිකාර්යාලය පවසනවා.

මෙම දුෂ්කර කාලයේ දී කැනඩාව ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටින අතර සමෘද්ධිමත් ශ්‍රී ලංකාවකට සහායවීමට කැපවී සිටින බවයි කැනඩා තානාපති කාර්යාලය නිකුත් කළ එම නිවේදනයේ තවදුරටත් සඳහන් වන්නේ.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital