Home දේශීය පුවත් ශ්‍රී ලංකන්, හිල්ටන්, ලිට්‍රෝ විකුණා දැමීමට අනුමැතිය..!

ශ්‍රී ලංකන්, හිල්ටන්, ලිට්‍රෝ විකුණා දැමීමට අනුමැතිය..!

by Free News
0 comment

2023 මාර්තු 13 වැනි දින එළැඹුණු කැබිනට් තීරණයකට අනුව ව්‍යවසායන් කිහිපයක රජය සතු කොටස් ඉවත් කිරීමට තීරණයකට එළැඹ ඇති බව මුදල් අමාත්‍යවරයාගේ රජය සතු ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකය නිවේදනය කරනවා.

ඊට භාජනය වන රජය සතු ව්‍යවසායන් පහත පරිදි වේ:

  1. ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ ශ්‍රී ලංකන් කේටරින්
  2. ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී
  3. සීමාසහිත ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව
  4. Canwill Holdings (Pvt) Ltd – Grand Hyatt Colombo
  5. Hotel Developers (Lanka) Ltd – Hilton Hotel Colombo
  6. Litro Gas Terminal Lanka (Pvt) Ltd & Litro Gas Lanka Ltd
  7. Lanka Hospitals PLC

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතේ ඇති රාජ්‍ය සතු ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකය මඟින් මෙම කොටස් ඉවත් කිරීම ක්‍රියාත්මක කිරීමට නියමිතය.

රාජ්‍ය සතු ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකය මගින් එකී රාජ්‍ය ව්‍යාපාරවල උපදේශන හෝ සංවර්ධනය සඳහා සුදුසුකම් ලත් සහ පළපුරුදු සමාගම් පත් කරන බව නිවේදනයක සඳහන් වේ.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital