ශ්‍රී පාද වන්දනාවේ ගොස් නැවත පැමිණෙමින් තිබූ බස් රථයක් නෝම්බ්‍රිජ් – දියගල මාර්ගයේ ඊයේ(19) රාත්‍රියේ අනතුරට ලක්ව ඇත.
එම අනතුරින් එහි ගමන් ගත් වයස අවුරුදු 26 හා 30 පසුවන තෙලිජ්ජවිල හා බණ්ඩාරවෙල ප්‍රදේශවල කාන්තාවන් දෙදෙනකු මියගොස් තවත් 26 දෙනෙකු තුවාල ලබා තිබේ.
කෙසේවෙතත් අනතුරෙන් පසුව අතුරුදන්ව සිටි බස් රථයේ පැමිණි හික්කඩුව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 32 ක් වයසැති තරුණයෙකුගේ මළසිරුර අද (20) උදෑසන සොයාගැනීම සමග අනතුරින් මියගිය සංඛ්‍යාව තුන දක්වා ඉහළ ගොස් ඇත.
බස් රථය අඩි 100ක පමණ ප්‍රපාතයකට පෙරළී ඇති අතර තුවාල ලැබූ වන්දනාකරුවන් නෝටන් බ්‍රිජ් පොලිසිය හා යුද හමුදාව ප්‍රදේශවාසින්ගේ සහාය ඇතිව නාවලපිටිය, වටවල යන රෝහල්වලට ඇතුලත් කර තිබේ.