Home දේශීය පුවත් ශ්‍රීපාද ගිය බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි – දෙදෙනෙක් මරුට – 25කට තුවාල

ශ්‍රීපාද ගිය බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි – දෙදෙනෙක් මරුට – 25කට තුවාල

by Free News
0 comment

ශ්‍රී පාද වන්දනාවේ ගොස් යළි එමින් සිටි වන්දනාකරුවන් රැගත් බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් තරුණියන් දෙදෙනෙකු මියගොස් තවත් 25 දෙනෙකු තුවාල ඇතැයි පොලිසිය සදහන් කරයි.

එම බස් රථය ඊයේ (19) රාත්‍රී 9.15ට පමණ නොර්ටන් බ්‍රිජ් පොලීසිය ආසන්න ප්‍රදේශයක දී අඩි 200ක පමණ ප්‍රපාතයකට පෙරළී ඇත.

අනතුරින් 26 හැවිරිදි 30 හැවිරිදි තරුණියන් දෙදෙනෙකු මියගොස් ඇති අතර තුවාල ලැබු තවත් 25 දෙනෙකු ප්‍රතිකාර සඳහා වටවල, ගිනිගත්හේන සහ නොර්ටන් යන රෝහල්වලට ඇතුළත් කර තිබේ.

තුවාල ලැබුවන් අතර බස් රථයේ රියදුරු සහ සහයක ඇතුළුව කාන්තාවන් 14දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 11දෙනෙකු වන බව පොලීසිය පැවසුවේය.

අනතුරට පත්වූවන් මහරගම ප්‍රදේශයේ සිට ශ්‍රී පාද වන්දනාවේ පැමිණ ඇති අතර යළි නිවෙස් බලා යමින් සිටියදි එම අනතුර සිදුව ඇති බව වාර්තා වේ.

නොර්ටන්බ්‍රිජ්, ගිනිගත්හේන මාර්ගයේ ගමන් කළ තවත් වාහනයකට ඉඩලබාදීමට යාමේ දී බස් රථය මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළී ඇති බව පොලීසිය පවසයි.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital