Home දේශීය පුවත් ශෂී රෝගාතුර වෙයි – දින තුනක විවේකයක් ඉල්ලයි

ශෂී රෝගාතුර වෙයි – දින තුනක විවේකයක් ඉල්ලයි

by Free News
0 comment

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මියට ඇතිවී ඇති අසනීප තත්ත්වයක් හේතුවෙන් ඇයට දින 03ක විවේකයක් අවශ්‍ය බවට වෛද්‍ය වාර්තාවක් අද (24) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

අවිධිමත් විදෙස් ගමන් බලපත්‍රයක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඇයට එරෙහිව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ඇති නඩුව අද කැඳවූ අවස්ථාවේදී සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අධිකරණයට ඒ බව දැනුම්දුනි.

ඔවුන් දැනුම්දුන්නේ තම සේවාදායිකාවට ඇතිවී ඇති අසනීප තත්ත්වයක් හේතුවෙන් අද දිනයේ දී අධිකරණයට ඉදිරිපත් විය නොහැකි බවය.

ඇයට දින 03ක විවේකයක් අවශ්‍ය බවට වෛද්‍යවරුන් විසින් නිර්දේශකර ඇති බවට වෛද්‍ය වාර්තාවක්ද අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා මෙම නඩුව ලබන 28 වනදා යළි කැඳවීමට නියම කළේය.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital