Home දේශීය පුවත් වොලිබෝල් ක්‍රීඩකයා පොලු පහරින් මරුට

වොලිබෝල් ක්‍රීඩකයා පොලු පහරින් මරුට

by Free News
0 comment

කොටවෙහෙර, කැලේගම, දිගැන්නෑව ප්‍රදේශයේ තරුණයකු ඔහුගේ සීයා විසින් පොලු මුගුරුවලින් පහර දී ඊයේ (17) ඝාතනය කර තිබේ.

මෙසේ මරා දමා ඇත්තේ එච්.ජී. නවෝද් දීල්ෂාන් නමැති 18 හැවිරිදි පවුලේ එකම දරුවා බවත් දරුවාගේ මව විදේශගතව රැකියාවක නිරත වීම හේතුවෙන් කුඩා කල සිට සීයා හා ආච්චිගේ රැකවරණය යටතේ හැදී වැඩී ඇති බව ද කියයි.

එසේ දරුවාගේ රැකවරණය සඳහා සිටි සීයා විසින් අධික ලෙස මත්පැන් පානය කර පැමිණ ඇඳක නිදා සිටි මුනුපුරාව ඇඳ පොල්ලකින් අමානුෂික ලෙස පහරදී මරා දමා ඇති බව පොලිසිය කියයි.

මේ ඝාතනය සිදු කළ බව කියන මේ වන විට නිවෙස හා ප්‍රදේශය අතහැර ගොස් සිටින සැකකාර සීයා 70 හැවිරිදි වියේ පසුවන්නකු බවත් දෛනිකව අධික ලෙස මත්පැන් පානයට හුරු වූ අයකු බවත් බීමතින් පැමිණ මෙසේ ඝාතනයට ලක්වූ තරුණයාගේ ආච්චිටද පොලු මුගුරුවලින් පහර දෙන බවත් අසල්වැසියෝ කියති.

කෙසේ නමුත් තරුණයාට සීයා ඇඳ පොල්ලෙන් පහර දීම සිදු වන අවස්ථාවේදී මිත්තණිය නිවෙසේ නොසිටි බව ද පොලිස් පරීක්ෂණවලදී සනාථ වී තිබේ.

මෙසේ මරා දැමුණු තරුණයා දක්ෂ වොලිබෝල් ක්‍රීඩකයකු බවත් පෙරේදා (16) සවස ආණමඩුව, තල්ගස්වැව, විමලරත්න කුමාරගම විද්‍යාලයේ වොලිබෝල් පුහුණු කිරීමට එක්ව සිටි බවද කියයි. කෙසේ නමුත් තෙහෙට්ටුව හේතුවෙන් තරුණයා රැඳී සිටින කාමරයේ ඇඳ මත නිදා සිටියදී ඇඳක පොල්ලකින් දරුණු ලෙස හිසට පහර දී ඇති බව කියයි.

සිද්ධියෙන් පසු බරපතළ තුවාල ලබා සිහිසුන් වූ තරුණයා කාමරය තුළම දමා එහි දොරගුළු දමා සැකකාර සීයා ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බව පොලිසිය කියයි.

සවස නිවෙසට පැමිණි මිත්තණිය දරුවා කාමරයේ නිදා සිටින ආකාරය ජනේලයකින් දැක ඇති නමුත් දරුවාගේ නින්දට බාධා නොකර නිහඬව සිට ඇත. කෙසේ නමුත් මේ මිත්තණිය ඊයේ (17) උදෑසන දරුවාට අවස්ථා කීපයක් අවදි වන ලෙසට කතා කර ඇති නමුත් පෙර දින ලෙසම ඇඳ මත සිටීම හේතුවෙන් අසල්වැසි නිවෙසකට ගොස් පවසා ඇත්තේ මුනුපුරා අවදි නොවන බවයි.

ඒ සමඟම ඊයේ (17) උදෑසන මේ තරුණයාගේ මිතුරන් පිරිසක් පැමිණ කාමරයේ දොරගුළු ඉවත් කර විපරම් කිරීමේදී හෙළිව ඇත්තේ මිතුරාගේ හිස ප්‍රදේශයෙන් අධික ලෙස ලේ වහනය වී ඇති බවකි.

ඒ සමඟම මේ තරුණයාගේ මිතුරන් මේ තරුණයා මරණයට පත්ව ඇති බව සනාථ වීමේන් පසු කඩිනමින් පොලිසියට දන්වා ඇති බව කියයි. මරණයට පත් තරුණයා නිකවැරටිය ජයන්තිය මධ්‍ය මහා විද්‍යාලයේ අපොස උසස් පෙළ හදාරමින් සිට ඇති නමුත් පසුව පාසල් ගමන නවතා විදේශ රැකියාවක් අපේක්ෂාවෙන් ආණමඩුව නගරයේ විදේශ භාෂා පුහුණු පන්තියට එක්වී ඇති බව ද කියයි. සීයාගේ ඇඳ පොලු පහරින් මරණයට පත්වූ තරුණයා ප්‍රදේශයේ කා අතරත් හිත දිනාගත් තරුණයකු බව කියයි.

සිද්ධිය සම්බන්ධව කොටවෙහෙර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තිලංක බාලසූරිය මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් පරීක්ෂණ අරඹා තිබේ.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital