වෛද්‍යවරයෙකු ලෙස ව්‍යාජව පෙනී සිටිමින් පුද්ගලයන් විදේශගත කරන බව පවසමින් මුදල් වංචා කර ඇති පුද්ගලයෙක්ව බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහල අසල දී අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය සඳහන් කළා.
විමර්ශනවල දී හෙළිව ඇත්තේ මෙම පුද්ගලයා ජාතික රෝහල් පරිශ්‍රයේ දී වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටිමින් ඕස්ට්‍රේලියාවට යවන බව පවසා පුද්ගලයෙකුගෙන් රුපියල් 70,000/-ක් ද වංචා කර ඇති බවයි.
සැකකරු පන්නල ප්‍රදේශයේ පදිංචි අයෙකු වනවා.