Home දේශීය පුවත් වෙළෙඳ නාවික ලේකම් කාර්යාලයේ මහජන සේවාවන් තාවකාලිකව අත්හිටුවයි !

වෙළෙඳ නාවික ලේකම් කාර්යාලයේ මහජන සේවාවන් තාවකාලිකව අත්හිටුවයි !

by Free News
0 comment

වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වෙළෙඳ නාවික ලේකම් කාර්යාලයේ මහජන සේවාවන් තාවකාලිකව අත්හිටුවා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාලය සඳහන් කර ඇත්තේ, ඒ අනුව අද (ජනවාරි 10) සිට ජනවාරි මස 12 වනදා දක්වා එහි සේවාවන් තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බවය.

ඒ අනුව සේවා ලබාගැනීම සඳහා වෙළෙඳ නාවික ලේකම් කාර්යාලය වෙත පැමිණීමෙන් වළකින ලෙස සේවාලාභීන්ට දැනුම් දී ඇත.

එම කාර්යාලයේ මාර්ගගත ක්‍රමයට පවත්වාගෙන යන සේවාවන් ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යන බව ද වෙළෙඳ නාවික ලේකම් කාර්යාලය නිවේදනය කරයි.

වෙළෙඳ නාවික ලේකම් කාර්යාල හදිසි අවශ්‍යතාවයක් මත දැනට පිහිටි ගොඩනැගිල්ලෙන් වෙනත් ගොඩනැගිල්ලක් වෙත රැගෙන යෑමට නියමිත බැවින් එම තීරණය ගෙන තිබේ.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital