Home දේශීය පුවත් වෙස්ට්මිනිස්ටර් ඇබේ පොදු රද මඬුලු දිනය සිංහල ගීයකින් රසවත් වෙයි(VIDEO)

වෙස්ට්මිනිස්ටර් ඇබේ පොදු රද මඬුලු දිනය සිංහල ගීයකින් රසවත් වෙයි(VIDEO)

by Free News
0 comment

පොදු රාජ්‍ය මණ්ඩලයීය දිනය නිමිත්තෙන් පසුගියදා ලන්ඩන් නුවර වෙස්ට්මිනිස්ටර් ඇබේහි පැවති සැමරුම් උත්සවයේදී ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ගායක ගායිකාවන් වන රොෂානී අබේ සහ නුවන් පෙරේරා සිංහල ගීතයක් ගයමින් ශ්‍රී ලාංකික අනන්‍යතාව ඉස්මතු කිරීමට සමත් වූහ.

මෙරට ප්‍රකට වායෝ සංගීත කණ්ඩායම විසින් ගයනු ලැබූ ‘අනාගතයේ’ ගීතය ගයමින් වෙස්ට්මිනිස්ටර් ඇබේ ශාලාව සිංහල ගීතයකින් රසවත් කළ රොෂානි සහ නුවන් එංගලන්තයේ පදිංචිව සිටින ශ්‍රී ලාංකික කලාකරුවෝ වෙති. සනුක වික්‍රමසිංහ සහ සංගීත් වික්‍රමසිංහ පද රචනය කළ අනාගතයේ ගීතයේ සංගීතය සහ තනු නිර්මාණය කරනු ලැබුවේ ද වායෝ කණ්ඩායම විසිනි.

තුන්වැනි චාල්ස් රජුගේ ප්‍රධානත්වයෙන් පැවැති පොදු රාජ්‍ය මණ්ඩලීය සැමරුම් දිනය වර්ණවත් කිරීමට රාජකීය පවුලේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් සමඟ නවසීලන්තය, රුවන්ඩාව, සයිප්‍රසය ඇතුළු රටවල කලාකරුවෝ ද එක් වූහ.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital