Home දේශීය පුවත් වෙසක් දා ඡායා චන්ද්‍රග්‍රහණයක්

වෙසක් දා ඡායා චන්ද්‍රග්‍රහණයක්

by Free News
0 comment

මැයි 05වැනිදා පුර පසලොස්වක දින රාත්‍රියේ සූර්යයා සහ චන්ද්‍රයා අතරින් පෘථිවිය පිහිටන විට පෘථිවියේ සෙවනැල්ල සඳ මතට පතිත වීම ඇරඹීමත් සමග ඡායා චන්ද්‍රග්‍රහණයක් සිදුවන බව කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයනාංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.

මෙම ග්‍රහණය ලංකාවේ සම්මත වේලාවෙන් හෙට(05) රාත්‍රී 8.44 ට චන්ද්‍රයා පෘථිවියේ උපඡායාවට (අඩ අඳුරු සෙවනැල්ලට ) ඇතුළුවීමත් සමගම ග්‍රහණය ආරම්භ වේ.

ග්‍රහණය අවසන් වනුයේ 6වැනිදා අළුයම 1.01 ට ය. උච්චතම ග්‍රහණ අවස්ථාව සිදුවන්නේ 5වැනිදා රාත්‍රී 10.52 ටය.

ඡායා චන්ද්‍රග්‍රහණයක් ඇතිවනුයේ සූර්යයා, පෘථිවිය සහ චන්ද්‍රයා එක එල්ලේ සලර රේඛාවක නොපිහිටා, අසම්පූර්ණ ලෙස පෙලගැසී ඇති විට දී ය. ඡායා චන්ද්‍රග්‍රහණයක දී චන්ද්‍රයා පෘථිවියේ තද අඳුරු සෙවණැල්ලට (පුර්ණඡායා වට) ඇතුළු නොවන අතර චන්ද්‍රයා පෘථිවියේ අඩඅඳුරු සෙවණැල්ල (උපඡායාව) තුලින් පමණක් ගමන් කරන නිසා මෙම සුවිශේෂී ඡායා චන්ද්‍රග්‍රහණය අපට පූර්ණ හෝ අර්ධ චන්ද්‍ර ග්‍රහණවල මෙන් අඳුරු සෙවනැල්ලකින් වැසී නොපෙනේ. නමුත් සඳෙහි දීප්තිය තරමක් අඩු වනු ඇත. එම නිසා ඡායා චන්ද්‍රග්‍රහණ පියෙවි ඇසින් දැක හදුනා ගැනීම තරමක් දුෂ්කරය.

ශ්‍රී ලංකාවට අමතරව මෙම චන්ද්‍රග්‍රහණය යුරෝපයේ සහ ආසියාවේ රටවලට, ඕස්ට්‍රේලියාව, අප්‍රිකාව, පැසිෆික්, අත්ලාන්තික්, ඉන්දියන් සාගරය සහ ඇන්ටාක්ටිකාව වැනි ප්‍රදේශ වල රටවලට ද දිස්වේ.

මීට වඩා හොඳ චන්ද්‍රග්‍රහණයක්, අර්ධ චන්ද්‍රග්‍රහණයක් ලෙස මේ වසරේ ඔක්තෝම්බර් 28 වැනිදා ශ්‍රී ලංකාවට දිස්වන බවත් ඉන් පසුව ශ්‍රී ලංකාවට පෙනෙන මීළඟ චන්ද්‍රග්‍රහණය ඇතිවනුයේ 2025 සැප්තැම්බර් 7 වැනිදා බවත් මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසීය.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital