ජපානයේ වෙරළකට ගොඩගැසුණු විශාල ලෝහ ගෝලයක් හේතුවෙන් එරට ජනතාව අතර කැළඹීමක් ඇතිවී තිබෙනවා.
එයට හේතුව මෙම ගෝලය කුමක්ද යන්න තවමත් හඳුනාගෙන නොමැති වීමයි.
මේ සම්බන්ධයෙන් එරට බෝම්බ නිෂ්ක්‍රිය අංශය පවා මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවයි.
ජපානයේ වෙරළබඩ නගරයක් වන හමාමාට්සු හි වෙරළ තීරයට මෙම ගෝලය ගොඩගසා තිබෙනවා.
ඒ අනුව ප්‍රදේශවාසීන් මෙය “Godzilla egg”, “mooring buoy” සහ “from outer space” යනුවෙන් විවිධ නම් වලින් නම් කර ඇති බව සඳහන්.
මෙය මීටර් 1.5 (අඩි 4.9) පමණ පළලින් යුතු වූ මලකඩ සහිත ලෝහ ගෝලයක් ලෙස සඳහන්.