Home දේශීය පුවත් විශේෂඥ අධිකරණ වෛද්‍ය මණ්ඩලය ෂාෆ්ටර්ගේ සිරුර ගොඩ ගන්න අවසර පතයි

විශේෂඥ අධිකරණ වෛද්‍ය මණ්ඩලය ෂාෆ්ටර්ගේ සිරුර ගොඩ ගන්න අවසර පතයි

by Free News
0 comment

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ශාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධ තීරණයක් ගැනීම සඳහා ඔහුගේ මෘත දේහය යළි ගොඩගැනීම සඳහා අධිකරණ නියෝගයක් නිකුත් කරන ලෙසට කොළඹ විශ්වවිද්‍යාලයෙහි වෝහාරික විශේෂඥ වෛද්‍ය මහාචාර්ය අසේල මෙන්ඩිස් මහතාගේ සභාපතිත්වයෙන් යුතු පංචපුද්ගල විශේෂඥ වෛද්‍ය මණ්ඩලය ඊයේ (18) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මියගෙන් ඉල්ලීමක් කළේය.

දිනේෂ් ශාෆ්ටර් මහතාගේ මරණය සියදිවි නසාගැනීමක්ද නැත්නම් ඝාතනයක්ද යන්න සම්බන්ධයෙන් විමර්ශනය සිදු කරන පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය මණ්ඩලය මේ දක්වා සිදු කර ඇති විමර්ශනයන්ට අදාළව ලබාගත් සාක්ෂි මත දේහය යළි ගොඩ ගෙන පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකිරීමට තීරණය කර ඇති බවට ලිපියක් මගින් අධිකරණය වෙත ලිඛිතව දන්වා ඇත. මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම්වත් කළ යුතු බවට තීරණය කළ මහේස්ත්‍රාත්වරිය නඩුව යළි කැදවීමට අවශ්‍ය බව සඳහන් කළාය.

දිනේෂ් ශාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධයෙන් නිවැරදි තීරණයක් ගැනීම සඳහා පෙබරවාරි 27 දින කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය විසින් කොළඹ විශ්වවිද්‍යාලයෙහි වෝහාරික විශේෂඥ වෛද්‍ය මහාචාර්ය අසේල මෙන්ඩිස් මහතාගේ භාපතිත්වයෙන් යුතු පංච විශේෂඥ වෛද්‍ය මණ්ඩලය සඳහා පත් කරනු ලැබීය. මේ පංච පුද්ගල වෛද්‍ය කමිටුව සඳහා සභාපති ලෙස කොළඹ විශ්වවිද්‍යාලයේ වෝහාරික විශේෂඥ වෛද්‍ය මහාචාර්ය අසේල මෙන්ඩිස්,රුහුණු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඩී.සි.ආර්. පෙරේරා, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෝහාරික විශේෂඥ මහාචාර්ය ඩී. ප්‍රනාන්දු, පේරාදෙණිය රෝහලේ ජේෂ්ඨ අධිකරණය වෛද්‍ය නිලධාරි එස්. සිවසුබ්‍රමනියම් හා ගාල්ල කරාපිටිය රෝහලේ ජ්‍යෙෂ්ඨ අධිකරණ වෛද්‍ය නිලධාරී ජී.ආර්. රුවන්නුවර සෙසු සාමාජිකයන් ලෙස මහේස්ත්‍රාත්වරිය විසින් නම් කරනු ලැබ ඇත.

2022/12/15 වන දින මියගිය දිනේශ් ශාෆ්ට මහතාගේ මරණ පරීක්ෂණ වාර්තා,ඩී එන් ඒ වාර්තා,සොකො නිලධාරීන්ගේ වාර්තා,ශාෆ්ට මහතා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලැබූ හදිසි ප්‍රතිකාර අංශයේ ඇඳ හිස් පත් වාර්තා, ශාෆ්ටර් මහතාගේ මානසික වෛද්‍ය වාර්තා,ඇතුළු සියලු ලේඛන අධිකරණ රෙජිස්ට්‍රාර් හරහා කමිටුව වෙත ලබා දී තිබිණ. ඒ අනුව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 375 වගන්තියෙ පැවරී ඇති බලතල අනුව මහේස්ත්‍රාත්වරිය විසින් ශාෆ්ටර් මහතාගේ මරණයට හේතුව තීරණය කර ගැනීම සඳහා මෙම පංච පුද්ගල වෛද්‍ය කමිටුව පත් කර තිබිණ. දැනට ලැබී ඇති ඩීඑන්ඒ වාර්තා අනුව ආගන්තුක ජෛව සාම්පල් දෙකක් හඳුනාගෙන ඇති අතර, ඒවා සැසඳීම සඳහා ශාෆ්ටර් මහතාට ප්‍රතිකාර කළ කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලයේ දස දෙනකු හා සිද්ධියට අදාළව විමර්ශනය සිදුකළ පොලිස් නිලධාරීන් 21 දෙනෙකුගේ ඩීඑන්ඒ වාර්තා ලබා ගැනීම සඳහා රජයේ රස පරීක්ෂක කාර්යාලය වෙත ලේ සාම්පල ලබා දීම සඳහා අධිකරණ නියෝග මත යොමු කර ඇත.

 

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital