පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් කර ගන්නා සියලුම නවක සිසුන් මෙම වර්ෂයේ සිට කායික හා මානසික වෛද්‍ය පරීක්ෂණයකට ලක්කරන බව එහි උපකුලපති මහාචාර්ය එම්.ඩී.ළමාවංශ පවසයි.
සිසුන් අතර පවතින මානසික ගැටලු හදුනා ගැනීම මෙමගින් අපේක්ෂා කරන බව ඔහු පවසයි.
විශ්වවිද්‍යාලීය සනාථන මන්දිරයේදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් උපකුලපතිවරයා මෙම අදහස් පළ කළේය.
විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිසුන් කිහිපදෙනකු සිය දිවි නසා ගැනිම පිළිබදව විශ්ව විද්‍යාලීය පාලන අධිකාරිය අවධානය යොමු කොට මෙම නව තීරණය ගත් බව ඔහු පැවසීය.
සිසුන්ගේ මානසික මට්ටම උසස් තත්ත්වයට ගෙන ඒම සඳහා සිසුන් මානසික වෛද්‍ය පරීක්ෂණයට යොමු කිරීමට අමතරව ක්‍රීඩා, කලා හා සංස්කෘතික කටයුතු ආදිය වෙතද ඔවුන්ව යොමු කරන බව උපකුලපතිවරයා සඳහන් කළේය.
උපාධි අපේක්ෂක සිසුන් සඳහා අමතර ආදායම් හිමිවන අර්ධකාලීන රැකියා අවස්ථා ලබාදිමට මෙන්ම මෙම වර්ෂයේ සිට ශිෂ්‍ය සුභ සාධක අරමුදලක් ස්ථාපිත කිරිමට ද පියවර ගන්නා බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.