Home දේශීය පුවත් විපතට පත් තුර්කියට ශ්‍රී ලංකාවෙන් තේ තොගයක්

විපතට පත් තුර්කියට ශ්‍රී ලංකාවෙන් තේ තොගයක්

by Free News
0 comment

භූමිකම්පාවෙන් විපතට පත් තුර්කිය වෙත ශ්‍රී ලංකාව තේ තොගයක් පරිත්‍යාග කරයි.

ශ්‍රී ලංකා රජය, Ceylon Tea Exporters හි සහාය ඇතිව, “සිලෝන් ටී” තොගයක් කොළඹ පිහිටි තුර්කි තානාපති කාර්යාලය වෙත පසුගියදා (10) පරිත්‍යාග කර ඇත.

විදේශ කටයුතු අමාත්‍යංශය සදහන් කර සිටියේ තුර්කියේ භූමිකම්පාවලින් විපතට පත් වූවන් වෙත එම තේ තොග ලබා දෙනු ඇති බවයි.

මෙම පරිත්‍යාගය අග්‍රාමාත්‍ය කාර්යාලය, විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින් සම්බන්ධීකරණය කරන ලදී.

විදේශ අමාත්‍යාංශයේ යුරෝපා අධ්‍යක්ෂ ජනරාල් ප්‍රියංගිකා ධර්මසේන, ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති නිරාජ් ද මෙල් සහ ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ ප්‍රවර්ධන අධ්‍යක්ෂ පවිත්‍රි පීරිස් යන මහත්ම මහත්මීන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital