Home දේශීය පුවත් විදුලි බිල වැඩි නොකළොත් කප්පාදුවට හුරුවෙන්න වෙයි

විදුලි බිල වැඩි නොකළොත් කප්පාදුවට හුරුවෙන්න වෙයි

by Free News
0 comment

විදුලි බිල ඉහළ දැමීම සිදුනොකරන්නේ නම් ඒ වෙනුවෙන් පැය කිහිපයක විදුලි කප්පාදුවකට ජන ජීවිතය හුරුකර ගැනීමට සිදුවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

මේ මොහොතේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ පසුගිය කාලයේ සිදුවු පාඩු පියවාගැනීමට විදුලි බිල වැඩිකරන බවට ඇතැමුන් චෝදනා කළ ද එවැනි තීරණයක් ගන්නේ නම්, විශාල වශයෙන් මිල වැඩිකිරීමට සිදුවන බවය.

වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

“මේක මම පෞද්ගලිකවත්, ජනාධිපතිවරයා පෞද්ගලිකවත් එහෙම නැත්නම් කැබිනට් මණ්ඩලය පෞද්ගලිකවත්, දේශපාලන වශයෙන්වත් හිතලා ගත්ත තීන්දුවක් නෙමෙයි. මේක විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා තනියමවත් සභාපතිවරයා තනියමවත් එහෙම නැත්නම් කවුරු හරි එක ඉංජිනේරුවරයෙක් තනියම ගත්ත තීන්දුවක් නෙමෙයි. මේක පාලන පද්ධතියක් තියෙනවා. විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් ඉන්නවා විශාල ප්‍රමාණයක් ඔවුන් සැලකිල්ලට ගත්තා එළැඹෙන අවුරුද්දේ මම මුලිකව කිව්වා උපකල්පනය කරපු අවස්ථා 12ක් සංසන්ඳනය කරා. ඒ 12 උච්චතම අවස්ථාව තමා අපිට වැඩිම වශයෙන් වැඩිකරන්න වුණොත් රු 56.90ක උත්පාදන වියදමක් හැටියට ඒකකයක් කිව්වේ නියඟයක් ඇති වුණොත් කියලා. අපි ක්‍රම 12ක් කිව්වා. විදුලිබල මණ්ඩලය නැවත වතාවක් පරීක්ෂා කරලා ක්‍රම 12, 20කට පරිශීලනය කරලා තියෙනවා.

මේ 20 තුළ ඔවුන් විශේෂයෙන්ම විදුලිබල මණ්ඩලයේ පරිභෝජනය ගැන තියෙන දත්ත, ආර්ථික වශයෙන් තියෙන දත්ත පරිශීලනය කිරීමෙන් පසුව මෙය සුදුසුම ක්‍රමවේදය කියලා යෝජනා කළා. ඒ අනුව ජනවාරි 2 වනදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්න මේ ක්‍රමවේද 20 ඇතුළේ අඛණ්ඩව විදුලිය ලබාදීම වෙනුවෙන්, විශේෂයෙන්ම ජල විදුලියෙන් ඔවුන් බලාපොරොත්තු වෙනවා 27%ක ප්‍රමාණයක් උත්පාදනය කරන්න පුළුවන් කියලා සම්පූර්ණ අවශ්‍යතාවයනේ, 28%ක් ගල්අඟුරුවලින් උත්පාදනය කරන්න පුළුවන් කියලා උපකල්පනය කරලා තියෙනවා. ඒ වගේම විදුලිබල මණ්ඩලය සතු ඩීසල් සහ දැවිතෙල් බලාගාරවලින් 13%ක්, විදුලිබල මණ්ඩලය සතු සුළං බලාගාරයෙන් 2%ක්, අනෙකුත් පෞද්ගලික ඩීසල් බලාගාර හා දැවිතෙල් බලාගාරවලින් 12%ක්, ඒ වගේම පුනර්ජනනීය බලශක්තිවලින් 13%ක් හා වහළය මත සවිකළ සූර්ය පැනල මගින් 4%ක්. ඒ අනුව ඔවුන් ගණනය කරලා තියෙනවා වියදම පමණක් ඒකකයක් 48.42ක් බවට පත්වෙයි කියලා උපකල්පනය කරනවා. එහෙම වුණොත් පසුගිය අගෝස්තු මාසයේ මහජන උපයෝගීතා කොමිසමෙන් ලබාදුන්න මිල සංශෝධනය තුළ ලැබෙන්නේ රු 29.14යි ඒකකයකට. ඒ අනුව ගණනය කරලා තියෙනවා රුපියල් බිලියන 278කට ආසන්න මුදලක් හිඟතාවයක් පවතිනවා කියලා. ඒ මුදල පියවා ගැනීම වෙනුවෙන් පමණයි මේ ගාස්තු සංශෝධනය සිදුකරන්නේ.

මේක නොකර ඉන්න පුළුවන්කමකුත් තියෙනවා. එහෙම නම් අපිට පුරුදු වෙන්න වෙනවා පැය කිහිපයක විදුලි කප්පාදුවක් එක්ක අපේ ජන ජීවිතය හදාගන්න. මොකද දිගින් දිගටම ජනතාව ඉල්ලුවේ අඛණ්ඩව විදුලිය ලබාදෙන ක්‍රමවේදයකට යන්න කියලා. එහෙම යනවා නම් අනිවාර්යයෙන්ම අපිට තියෙන විදුලි බලාගාර පාවිච්චි කරනවා වගේම පෞද්ගලික විදුලිබලාගාරත් ලබාගන්න වෙනවා.”

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital