Home දේශීය පුවත් විදුලි බිල වැඩි කළොත් දැඩි ක්‍රියාමාර්ග – විදුලි බල මණ්ඩල වෘත්තීය සමිති

විදුලි බිල වැඩි කළොත් දැඩි ක්‍රියාමාර්ග – විදුලි බල මණ්ඩල වෘත්තීය සමිති

by Free News
0 comment

විදුලි බිල යළිත් වැඩි කළ හොත් දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹෙන බව විදුලි බල මණ්ඩල වෘත්තීය සමිති පවසයි.

ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් ජනතාවද විරෝධය පළ කළ යුතු බවයි.

මේ අතර නිවේදනයක් නිකුත් කරමින් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසුවේ, තම විරෝධය මැද 66% ක විදුලි ගාස්තු වැඩි කිරීමේ විදුලි බල මණ්ඩල යෝජනාවට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයින් තිදෙනා අනුමැතිය දුන් බවයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ, එමගින් වාර්ෂිකව රුපියල් බිලියන 287 ක අමතර වැය බරක් විදුලි පාරිභෝගිකයා වෙත පැටවෙන බවයි.

විදුලි ගාස්තු වැඩි කිරීමේ යෝජනාව විදුලි බල පනතේ හා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනතේ ප්‍රතිපාදනවලට අනුකූලව සමාලෝචනය කළ අතර එහිදී කොමිෂන් සභාවේ ගාස්තු ක්‍රමයට අනුමැතිය දීමට තමා හැර එහි සෙසු සමාජිකයින් වන නීතිඥ චතුරිකා විජේසිංහ, ඩග්ලස් නානායක්කාර හා එස්.ජී.සේනාරත්න යන මහත්ම මහත්මීන් විරෝධය පල කළ බව ද ජනක රත්නායක මහතා නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital