කැබිනට් අනුමැතිය ලැබුණු විදුලි ගාස්තු සංශෝධනයට මහජන උපයෝගීතා කොමිසමේ යම් සංශෝධනයක් ඇත්නම් එය ඉදිරිපත් කිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසමට කාලය ලබා දී තිබේ.
අද (ජනවාරි 10) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසා සිටියේ, කිසියම් සංශෝධනයක් කළ යුතුවන්නේ නම් 2023 පෙබරවාරි මස 15 වනදිනට හෝ එදිනට පෙර එකී සංශෝධනයන් ඉදිරිපත් කළ යුතු බවය.
මේ ගාස්තු වැඩිකිරීම ජනවාරි 1 සිට ක්‍රියාත්මකයි. මහජන උපයෝගීතා කොමිසම තාර්කික පදනමක් යටතේ මේ තත්ත්වයෙන් ගැළවෙන්න අදාළ වෙන ආකාරයට යම් යම් සහනයන් සැලසිය හැකි නම්, ඒවා නිර්දේශ කරන්න කාලය ලබාදීලා තියෙනවා 2023.02.15 දින දක්වා. එතෙක් විදුලිබල කර්මාන්තය සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක පොදු ප්‍රතිපත්ති මාර්ගෝපදේශ සංශෝධනයන්ට අනුව අන්තර්කාලීන පියවරක් වශයෙන් 2023.01.01 දින සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා විදුලිබල මණ්ඩලය විසින් යෝජිත විදුලි ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කිරීම සඳහා විදුලිබල මණ්ඩලය හා මහජන උපයෝගීතා කොමිසම් සභාව එක්ව අවශ්‍ය පියවර ගන්නා ලෙස කැබිනට් මණ්ඩලය දැනුම්දුන්නා.
මහජන උපයෝගීතා කොමිසම සංශෝධන ඉදිරිපත් කළොත්, එකී සංශෝධන ක්‍රියාත්මක කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය විසින් පියවර ගෙන ඉදිරි මාසික විදුලිය බිල්පත මගින් අවශ්‍ය ගැලපීම් සිදුකරනවා. ඒ වගේම කැබිනට් මණ්ඩලයට ප්‍රතිපත්තියක් ලෙස දැනුම් දුන්නා 2023 වසරේ විදුලි කප්පාදුවකින් තොරව අඛණ්ඩව මහජනතාවට විදුලිබලය ලබාදිය යුතු බවත් මිල වෙනස්කම් සිදුවන විට ලෝක වෙළෙඳපොළේ ගල්ඇඟුරු මිල, ඛනිජ තෙල් මිල වෙනස් වුණොත්, වර්ෂාව ලැබුණොත් එහි වාසිය මහජනතාවට ලබාදෙන්න බලශක්ති ඇමතිට කිව්වා මිල සුත්‍රයක් සෑම මාස 6කටම වරක් හඳුන්වා දෙන ලෙසත් උපදෙස් දුන්නා.