විදුලි ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කර ඇති යෝජනා පිළිබඳ කොමිසමේ තීන්දුව හැකි ඉක්මනින් ප්‍රකාශයට පත්කරන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.
එහි සභාපති ජනක රත්නායක මහතා පැවසුවේ අදාළ ඉල්ලීම පිළිබඳව ඉදිරිපත් වී ඇති දත්ත පරීක්ෂා කර අධ්‍යයනය කරමින් සිටින බව ය.
සිදුකළ යුතු සංශෝධන ඇත්නම් එය විදුලි බල මණ්ඩලය සමග සාකච්ඡා කර ලබන මස 15 වනදා ට ප්‍රථම ප්‍රකාශයක් සිදුකරන බව ජනක රත්නායක මහතා සඳහන් කළේය.
මේ අතර විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වුව ද එය මෙතෙක් ක්‍රියාත්මක කිරීමට අදාළ නියෝග ලබා දී නොමැති බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.