එතෙර රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයින්ට පුර්ණ වශයෙන් විද්‍යුත් වාහන ආනයනයට බලපත්‍ර ලබාදීමේ යෝජනා ක්‍රමය තවදුරටත් දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව එම බලපත්‍ර ලබාදීමේ යෝජනා ක්‍රමය 2023 සැප්තැම්බර් 23 වනදා දක්වා දීර්ඝ කර ඇති බවයි සඳහන්.
මේ තුළින් ඉතා විශාල වරප්‍රසාදයක් විගමනික ශ්‍රමිකයින්ට හිමි වූ බව අද (16) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශකර සිටියා.
විද්‍යුත් වාහන ආනයනය සඳහා විගමනික ශ්‍රමිකයින් විසින් 2022.05.01 සිට 2022.12.31 වන දින දක්වා කාලසීමාව තුළ මෙරටට ප්‍රේෂණය කර ඇති විදේශ විනිමය ප්‍රමාණය පදනම් කරගනිමින් ඔවුන්ට අපේක්ෂිත විද්‍යුත් වාහන ආනයනයට අවකාශ හිමිවුන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.