වැල්ලම්පිටිය පොලිස් වසමේ කොටුවිල ප්‍රදේශයේ දී ඊයේ (07) රාත්‍රියේ යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් පුද්ගලයකුට වෙඩි තබා පලා ගොස් ඇත.
තුවාලකරු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.
තුවාලකරු වයස අවුරුදු 28ක් වන වැල්ලම් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
වෙඩි තැබීම සඳහා ටී 56 ගිනි අවියක් භාවිතා කර ඇති බවට හා විදේශගතව සිටින අයෙකු විසින් මෙම වෙඩි තැබීම මෙහෙයවා ඇති බවට සැක කරන බව පොලිසිය පවසයි.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වැල්ලම්පිටිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.