75 වන නිදහස් සමරු උත්සවය සදහා සහභාගී නොවීමට වැදි නායක ඌරුවරිගේ වන්නිල ඇත්තෝ තීරණය කර තිබෙන බව වාර්තා වේ.
සිය ප්‍රජාවගේ නිදහස මේ වන විට දැඩිව සීමාකොට ඇති බවට වැදිනායකයා චෝදනා කරයි.
පෙරහැර කාලයට අලි ඇතුන් එලියට ගන්නවා මෙන් රජය විවිධ උත්සව සදහා සහභාගී කරවා ගැනීමට වැදි ප්‍රජාව කැදවන බව පවසන වැදි නායකයා ඉන් පසුව ඔවුන් සිටිනවාද නැද්ද කියාවත් කිසිවෙකු සොයා නොබලන බවද පවසයි.
තම ප්‍රජාවගේ පැත්තෙන් බැලූ විට නිදහස යනු දිනාගැනීමට ඇති දෙයක් බව වැදිනායකයාගේ අදහසයි.