සංශෝධිත බස් ගාස්තු ලේඛනය ප්‍රදර්ශනය නො කොට වැඩිපුර ගාස්තු අයකරන බස්රථ පරීක්ෂා කිරීමේ වැඩසටහන අද (03) දා සිට ක්‍රියාත්මක කරන බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ප්‍රසන්න සංජීව මහතා පැවසුවා.
ඉකුත් 29 දා ඩීසල් මිල අඩු වීමත් සමග බස් ගාස්තු සංශෝධනය 31 දා සිට බලාත්මක වූ අතර එම සංශෝධිත බස් ගාස්තු ලේඛනය ප්‍රාදේශීය කාර්යාල හතක් හරහා බස් රථ හිමියන්ට ලබාදී තිබුණා.
එහෙත් ඇතැම් බස්රථ මේ දක්වා එම ලේඛනය මගී ජනතාවට ප්‍රදර්ශනය නොකිරීමටත් වැඩිපුර ගාස්තු අය කිරීමටත් පෙළඹී ඇති බවට පැමිණිලි ලැබී තිබෙනවා.
මෙම උපදෙස් ක්‍රියාත්මක වන්නේ දැයි පරික්ෂා කිරීම සඳහා බැස්ටියන් මාවත , බොරැල්ල , හෝමාගම , රත්මලාන , කළුතර , ජා ඇල , ගම්පහ සහ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයේ මාර්ග පරීක්ෂක නිලධාරීන් යොදවා ඇති බව සඳහන්.
මේ පිළිබඳව යම් පැමිණිල්ලක් වෙතොත් බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ 0112 860860 අංකයට අමතා ලබා දෙන ලෙස සභාපති ප්‍රසන්න සංජීව මහතා මගී ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.