Home දේශීය පුවත් ව්‍යාජ දළදා මාළිගාවක් ගැන අස්ගිරි සහ මල්වතු පාර්ශ්වවලින් ඉල්ලීමක්

ව්‍යාජ දළදා මාළිගාවක් ගැන අස්ගිරි සහ මල්වතු පාර්ශ්වවලින් ඉල්ලීමක්

by Free News
0 comment

ව්‍යාජ දළදා මාළිගාවක් නිර්මාණය කර ඉදිකරමින් පවතින බවට තොරතුරු වාර්තාවී තිබෙන බව අස්ගිරි සහ මල්වතු පාර්ශ්වයන්වල මහානායක ස්වාමීන්වහන්සේලා ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබේ.

මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ අත්සන ද අදාළ ලිපියේ දැක්වෙයි.

එම ලිපියෙන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, කුරුණෑගල වදාකඩ පාර පොතුහැර යන ස්ථානයේ ජානක සේනාධිපති නමැත්තෙකු විසින් ව්‍යාජ දළදා මාළිගාවක් නිර්මාණය ඉදිකරමින් පවතින බවය.

මේ වනවිටත් දේශීය හා විදේශීය ගිහිපැවිදි බොහෝ දෙනා මෙම මිථ්‍යාවට රැවටී මිල මුදල්, රත්‍රං ආදිය පරිත්‍යාග කරන බවට ද කරුණු අනාවරණය වෙමින් ඇති බවද අදාළ නිවේදනයෙන් පෙන්වා දෙයි.

ඊට අමතරව බෞද්ධ ජනතාවගේ සිත් පෑරෙන අයුරින් සමාජ මාධ්‍ය හරහා සිදුකෙරෙන විවිධ ප්‍රකාශ සම්බන්ධයෙන් ද මහානායක ස්වාමීන්වහන්සේලාගේ අවධානය යොමුවී තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් කොට ඇති පරිදි බුදු දහම ආරක්ෂා කොට පෝෂණය කිරීමේ කාර්යභාරයට බැඳී සිටින රජය විසින් මෙවැනි අබෞද්ධ ක්‍රියා වළක්වාලීමට කටයුතු කිරීමට පියවර ගතයුතු බවද සඳහන් කර ඇත.

ඒ සඳහා ජනාධිපතිවරයාගේ අවධානය යොමු කරන්නැයි ද අස්ගිරි සහ මල්වතු මනානායක ස්වාමීන්වහන්සේලා සිහිපත් කර තිබේ.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital