Home දේශීය පුවත් වහාම කොවිඩ් මර්දන එන්නත් ලබා ගන්නැයි ඉල්ලීමක්

වහාම කොවිඩ් මර්දන එන්නත් ලබා ගන්නැයි ඉල්ලීමක්

by Free News
0 comment

ගෝලීය වශයෙන් කොවිඩ් අවදානම පහව ගොස් නැති නිසා ඕනෑම අවස්ථාවකදී ශ්‍රී ලංකාව තුළද වයිරසය ව්‍යාප්ත විය හැකි බවත් කොවිඩ් සමඟ ජීවත් වීමට වන නිසා වයිරසයෙන් ආරක්ෂා වීමට කොවිඩ් මර්දන එන්නත් ගත යුතු බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පැවසීය.

කොවිඩ් වයිරසයෙන් ආරක්ෂා වීමට සයිනොෆාම් වර්ධක මාත්‍රාවන් ඕනෑම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයකින් ගත හැකි බවත් ඒ මහතා කීවේය.

එන්නත්කරණය පරිපූර්ණ කර තිබේ නම් කුමන කොවිඩ් වයිරස් ප්‍රභේදයක් පැමිණියත් ආරක්ෂාවක් තිබෙන බවත් වයස අවුරුදු 18ට වැඩි පුද්ගලයන් මේ වන තෙක් කොවිඩ් මර්දන එන්නත් ගෙන නැති නම් එන්නත්කරණය වැදගත් බවත් හෙතෙම කීය.

කුමන කොවිඩ් වයිරස ප්‍රභේදයක් පැමිණියත් මුව ආවරණ පැලඳීම, දෑත් පිරිසුදුව තබා ගැනීම, දුරස්ථව සිටීම යනාදි මූලික සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්නේ නම් වයිරසයෙන් ආරක්ෂා විය හැකි බවද හෙතෙම පැවසීය.

රට තුළ කොවිඩ් වයිරසයේ අඩුවක් පැවතීමත් සමඟ පුද්ගලයන් මුව ආවරණ පැලඳීම ඇතුළු මූලික සෞඛ්‍ය පුරුදු අමතක කර ඇති බවක් දක්නට ඇතැයිද නමුත් නැවත එම මූලික සෞඛ්‍ය පුරුදු අනුගමනය අත්‍යවශ්‍ය කරුණක් යැයිද ඔහු කියා සිටියේය.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital