Home ක්‍රීඩා පුවත් වසරේ හොඳම විස්සයි 20 ක්‍රීඩකයා සම්මානයට ක්‍රිකට් තරු 04ක්

වසරේ හොඳම විස්සයි 20 ක්‍රීඩකයා සම්මානයට ක්‍රිකට් තරු 04ක්

by Free News
0 comment

අන්තර්ජාතික තරග බිමේ වසරේ හොඳම විස්සයි20 ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය පිරිනැමීම උදෙසා ආකර්ෂණීය ක්‍රිකට් ක්‍රීඩකයන් සිවුදෙනකුගෙන් යුත් කෙටි ලැයිස්තුවක් ජගත් ක්‍රිකට් කවුන්සිලය ඊයේ(29) ප්‍රසිද්ධියට පත් කළේය.

ඉන්දීය ක්‍රීඩක සූර්යකුමාර් යාදෙව්, පාකිස්තාන ක්‍රීඩක මොහොමඩ් රිස්වාන්, එංගලන්ත ක්‍රීඩක සෑම් කරන් හා සිම්බාබ්වේ ක්‍රීඩක සිකන්දර් රාසා වසරේ හොඳම විස්සයි20 ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය වෙනුවෙන් පැවැත්වෙන තරගයට මුහුණදී සිටිති. එහෙත් 2022 වසර පුරා තරග 19කදී කඩුලු 34ක් බිඳ හෙලූ ශ්‍රී ලංකාවේ වනිදු හසරංග වසරේ හොඳම විස්සයි20 ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය උදෙසා ප්‍රසිද්ධ කළ ලැයිස්තුවට ඇතුළත්ව නොමැති වීම කැපී පෙනේ. නිමාවට පත්වූ විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කඩුලු 15ක් බිඳ හෙළා වැඩිම කඩුලු දවාගත් පන්දු යවන්නා බවට පත් වූ වනිදු හසරංග හොඳම විස්සයි20 ක්‍රිකට් ක්‍රීඩකයා තේරීමේ කෙටි ලැයිස්තුවට හෝ ඇතුළත් නොවූයේ ඇයි ද යන්න ක්‍රිකට් ලෝකයේ ප්‍රශ්නයක් මතුව තිබේ.

ඉන්දීය ක්‍රීඩක සූර්යකුමාර් යාදෙව් තරග 31කදී ලකුණු 1164ක් වාර්තා කර ඇති අතර, විස්සයි20 ආකෘතියේ වසරක් තුළ ලකුණු 1000 ඉක්මවූ දෙවැනි පිතිකරුවා බවට පත්විය. ඔහු විස්සයි20 ජාත්‍යන්තර තරග බිමේ වැඩිම ලකුණුලාභියා ලෙස වසර අවසන් කළේය. ඔහු හයේ පහර 68ක් එල්ල කරමින් කැපී පෙනෙන පිතිකරුවෙකු බවට පත්ව සිටී.

පාකිස්තාන ක්‍රීඩක මොහොමඩ් රිස්වාන් 2022 වර්ෂයේදී තරග 25කදී ලකුණු 996ක් ලබාගත් අතර, කඩුලු රකින්නකු ලෙස උඩ පන්දු 9ක් සහ ස්ටම්ප් කිරීම් 3ක් වාර්තා කිරීම හේතුවෙන් වසරේ හොඳම විස්සයි20 ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයට නිර්දේශ වී තිබේ. හෙතෙම නිමාවට පත් වූ විස්සයි20 ලෝක කුසලාන තරඟාවලියේදී ලකුණු 175ක් වාර්තා කළේය.

එංගලන්ත ක්‍රීඩක සෑම් කරන් මේ වසරේ තරග 19කදී ලකුණු 67ක් වාර්තා කළ අතර, කඩුලු 25ක් දවාගෙන ඇත. විස්සයි20 ලෝක කුසලාන තරඟාවලියේ දක්ෂතම ක්‍රීඩකයා හා අවසන් තරගයේ වීරයා සම්මානයට සෑම් කරන් පාත්‍ර විය. ලෝක කුසලාන තරගාවලිය අවසන් වෙද්දී සෑම් කරන් නාමය ඉදිරියේ කඩුලු 13ක් වාර්තා වූ අතර, එය දෙවැනි වූයේ ශ්‍රී ලංකාවේ වනිඳු හසරංගට පමණි. එම තරගාවලියේදී ඇෆ්ගනිස්ථානයට එරෙහිව ලකුණු 10කට කඩුලු 5ක් බිඳ හෙළීම නව වාර්තාවක් විය.

සිම්බාබ්වේ ක්‍රීඩක සිකන්දර් රාසා 2022 වර්ෂයේ සහභාගී වූ තරග 24කදී ලකුණු 735ක් සහ කඩුලු 25ක් දවාගෙන ඇත. සිකන්දර් රාසා ද, විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී සිම්බාබ්වේ පිලට කැපී පෙනෙන දායකත්වයක් ලබා දුන්නේය. විස්සයි20 ලෝක කුසලානයේ දී පාකිස්තානයට එරෙහිව සිම්බාබ්වේ ජයග්‍රහණය සඳහා දැවැන්ත කාර්යභාරයක් ඉටු කළ ඔහු, ලකුණු 25කට කඩුලු 3ක් බිඳ හෙළා ගත්තේය.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital