Home විදේශීය පුවත් වතිකානයට දහස් සංඛ්‍යාත පිරිසක් !

වතිකානයට දහස් සංඛ්‍යාත පිරිසක් !

by Free News
0 comment

වතිකානයට දහස් සංඛ්‍යාත පිරිසක් පැමිණෙමින් සිටියි. ඒ, 16 වැනි බෙනඩික් පාප් වහන්සේට අවසන් ගෞරව දැක්වීම සඳහය.

ඉකුත් සෙනසුරාදා(31) බෙනඩික් පාප් වහන්සේ ස්වර්ගස්ථ වූයේ 95 වැනි වියේදීය. වසර 10 කට පමණ ‍පෙර උන්වහන්සේ ධූරයෙන් ඉල්ලා අස් වුණේ රෝගී තත්වයන් හේතුවෙනි.

ලබන බ්‍රහස්පතින්දා පැවැත්වෙන අවමංගල්‍යය උත්සවයේ මූලිකත්වය ගනු ලබන්නේ වර්තමානයේ සිටින ෆ්‍රැන්සිස් පාප් වහන්සේය. වර්තමානයේ සිටින ෆ්‍රැන්සිස් පාප් වහන්සේට පෙර එම ධූරය ‍හොබවනු ලැබුවේ බෙනඩික් පාප් වහන්සේ විසිනි.

ඒ අනුව පාප් වහන්සේ නමක් තමන්ට පසු එම ධූරයට පත් පාප් වහන්සේ නමක අතින් භූමදාන වන පළමු අවස්ථාව මෙය ලෙස සැලකේ.

වතිකානය මෙම අවමංගල්‍යය සරල, ගාම්භීර සහ සන්සුන් අයුරින් සිදු කිරීමට සැලසුම් කර ඇත.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital