Home විදේශීය පුවත් වට්ස්ඇප් පරිශීලකයින්ට නව විශේෂාංග තුනක්

වට්ස්ඇප් පරිශීලකයින්ට නව විශේෂාංග තුනක්

by Free News
0 comment

මෙටා ආයතනය සතුව පවතින වට්ස්ඇප් විසින් පරිශීලකයින්ට නව විශේෂාංග තුනක් හඳුන්වා දී තිබේ.

මෙම නව විශේෂාංග තුන වන්නේ ඡන්ද විමසීම් (Polls), සිරස්තල සහිත මාධ්‍ය නිකුත් කිරීම (Forward media with caption) සහ සිරස්තල සහිත ලේඛන (Documents with captions)යි.

මේ වන විට ගෝලීය වශයෙන් මෙම පහසුකම ලබා දීමට මෙටා ආයතනය කටයුතු කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.එමෙන්ම මෙහි නවතම අනුවාදයක් ස්ථාපිත කළද, මෙම විශේෂාංග සෑම කෙනෙකුටම ලබා ගැනීමට යම් කාලයක් ගත විය හැකි බව සඳහන් වේ.

Polls – තනි-ඡන්ද ගණනය කළ හැකි විකල්පයක්. මේ හරහා යම් කරුණු වලට අදාළව නිශ්චිත පිළිතුරක් ලබා ගැනීමේ හැකියාව ලැබෙන බවද සඳහන් වේ.

Forward media with caption – මෙම නව විශේෂාංගය හරහා සිරස්තලයක් සමඟ තොරතුරු වට්සැප් සඳහා නිකුත් කළ හැකියි. මෙයට ඡායාරූප, වීඩියෝ සහ GIF ඇතුළත් වේ.

Documents with captions – පරිශීලකයින්ට තමන් වෙත ලැබුණු ලේඛනයක් සොයා ගැනීම පහසු කරවීම සඳහා ශීර්ෂ පාඨ සමඟ ලේඛන ඉදිරිපත් කළ හැකිය.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital