Home Uncategorized ලොව විශාලතම ‘පුද්ගලික ධනය අහිමිවීමේ ගිනස් ලෝක වාර්තාව’ මෙන්න !

ලොව විශාලතම ‘පුද්ගලික ධනය අහිමිවීමේ ගිනස් ලෝක වාර්තාව’ මෙන්න !

by Free News
0 comment

ලොව විශාලතම පුද්ගලික ධනය අහිමිවීමේ ගිනස් ලෝක වාර්තාව බිඳ හෙලීමට ඉලෝන් මස්ක් සමත්ව තිබෙනවා.

2021 වසරේ නොවැම්බර් මාසයේදී මස්ක් සතු මුළු වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 320 ක් වුණා.

එහෙත් එය මේ වසරේ ජනවාරි වන විට ඩොලර් බිලියන 137 දක්වා පහත වැටී තිබෙනවා.

ෆෝබ්ස් ඇස්තමේන්තුවට අනුව එය 2000 වසරේ ජපන් ජාතික ආයෝජකයෙකු වන මසායෝෂි සෝන් පිහිටුවන ලද වාර්තාව බිඳ හෙලීමක්.

ඔහුගේ මුළු පාඩුව දැක්වුනේ ඩොලර් බිලියන පනස් අටයි දශම හයක් ලෙසයි.

කෙසේ වෙතත් මස්ක්ගේ වත්කම් අඩුවීම ඩොලර් බිලියන 200 කට ආසන්න විය හැකි බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

ටෙස්ලා සමාගමේ දුර්වල කොටස් ක්‍රියාකාරීත්වය මෙන්ම ට්විටර් සමාගමේ ප්‍රධාන විධායක තනතුරෙන් ඉලෝන් මස්ක් ඉවත්වීම මීට හේතුව බවයි ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital