නෙදර්ලන්තයේ සුප්‍රසිද්ධ ‘BEST ZOO’ සත්ත්වෝද්‍යානයෙන් ‘ජගුවර්’ (Panthera onca) ගුවන් මඟින් මෙරටට ගෙනැවිත් ඇත.
‘BEST ZOO’ සත්ත්වෝද්‍යානය සහ දෙහිවල සත්ත්වෝද්‍යානය අතර සත්ත්ව හුවමාරු වැඩසටහන යටතේ මේ පිරිමි ‘ජගුවර් ‘ සත්ත්වයා ශ්‍රී ලංකාවට හිමිව තිබේ. මාස දෙකහමාරක් පමණ වයසැති මේ සත්ත්වයා මාසයක නිරෝධායන කාලයකින් පසු දෙහිවල සත්ත්වෝද්‍යානයේ සිටින ‘ලෙයාර්’ නමැති ගැහැනු ජගුවර් සමඟ සත්ත්ව නිවහනකට එක් වන බව ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තිලක් ප්‍රේමකාන්ත මහතා දිනමිණට කීය.
මේ ජගුවර් සත්ත්වයා ශ්‍රී ලංකාවට පිරිනැමීම වෙනුවෙන් නෙදර්ලන්තයේ ‘BEST ZOO’ සත්ත්වෝද්‍යානයට ශ්‍රී ලංකාවෙන් දඬුලේනුන් ජෝඩුවක් දුන් බවද ඒ මහතා පැවසීය.