ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ජයග්‍රහණ රැසක් ලබා දුන් කායවර්ධන ශූර ලූෂන් පුෂ්පරාජ් ඇමරිකාවේ ආර්නෝල්ඩ් ක්ලැසික් කාය වර්ධන තරගාවලිය සඳහා ඊයේ (02) සහභාගි විය.
එහි දී ඔහු “සුපර් හෙවි බොඩි බිල්ඩිං” තරග කාණ්ඩය යටතේ තරග වැදුණු අතර එම ඉසව්වේ සිව්වන ස්ථානය දිනා ගැනීමට ඔහු සමත් විය.
මෙම ශූරතාවලිය නියෝජනය කරන පළමු ශ්‍රී ලාංකිකයා ලෙස පුෂ්පරාජ් මෙම ශූරතාවලියට එක් වීම විශේෂත්වයක්.
2012 වසරේ සිට මිස්ටර් ශ්‍රී ලංකා කිරුළට හිමිකම් කියන ලූෂන් ඒ අතරතුර ආසියාතික ජයග්‍රහණ මෙන්ම ලෝක මට්ටමේ ජයග්‍රහණ ද වාර්තා කර ඇත.
තරගයේ අනතුරුව අදහස් දක්වමින් ලූෂන් පුෂ්පරාජ් සඳහන් කළේ, තමන් සමඟ සිටින සියලුම ශ්‍රී ලාංකිකයින්ට තමන් ස්තූතිවන්ත වන බවයි.