Home දේශීය පුවත් ලලිත් වීරතුංගට හා කබ්රාල්ට එරෙහි නඩුවකට දින නියම වෙයි

ලලිත් වීරතුංගට හා කබ්රාල්ට එරෙහි නඩුවකට දින නියම වෙයි

by Free News
0 comment

රජයට අයත් අමෙරිකා ඩොලර් මිලියන 6.5ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කළ බවට ලලිත් වීරතුංග හා අජිත් නිවාඩ් කබ්රාල් යන අයට එරෙහි නඩුව මැයි 23වැනිදා කැදවීමට නියම කෙරේ.

හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් යන මහත්වරුන්ට එරෙහිව මෙම නඩුව පවරා ඇත්තේ පූජ්‍ය තිනියාවල පාලිත හිමියන් විසිනි.

චෝදනා පහදාදීම සදහා මෙම නඩුව මැයි 23 වැනිදා කැදවන ලෙස කොටුව මහේස්ත්‍රාත්වරයා අද(21) නියෝග කළේය.

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් පැවසුවේ පැමිණිල්ලට ලැබිය යුතු ලේඛණ මෙතෙක් ලැබී නැති බවයි.

ඒ අනුව අදාළ ලේඛණ ලබා දෙන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

එහීදී පැමිණිල්ලේ නීතිඥවරුන් පැවසුවේ සියලු ලේඛණ අධිකරණ රෙජිස්ටර් හමුවේ ගොණු කර ඇති බවයි. ලේඛණ අධ්‍යයනය කර මූලික විරෝධතා ඇත්නම් ගොනු කිරීමට අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ නීතීඥවරයා අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියේය.

ලලිත් වීරතුංග මහතාගේ නීතිඥවරයා ලිඛිත දේශන අධිකරණය හමුවේ ගොණු කළේය.

 

 

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital