ලංකා සතොස ආයතනය තවත් භාණ්ඩ වර්ග කිහිපයක මිල ගණන් පහත දමා තිබෙනවා.
ඒ අනුව රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 07කින් පහත දමා ඇති අතර, එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 358ක් ලෙසටයි.
එසේම අර්තාපල් කිලෝවක් රුපියල් 20කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 375ක්.
ලොකු ළූණු කිලෝවක් රුපියල් 10කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 149ක් වනවා.
ආනයනික සම්බා කිලෝවක් රුපියල් 07කින් පහත දැමීමට ලංකා සතොස ආයතනය පියවර ගෙන ඇති අතර එහි නව මිල රුපියල් 198ක්.