2022 වර්ෂයේ ශ්‍රී ලංකාවේ ආර්ථික හා දේශපාලන කඩාවැටීම් තත්වයන් හමුවේ, දේශපාලන පක්ෂවල නායකයින් හා මැති ඇමතිවරුන් පිළිබදව පවතින මහජන ප්‍රසාදය මැන බැලීම සදහා සිදුකළ නවතම මතවිමසුමකින් හිටපු වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ලංකාවේ වැඩිම මහජන ප්‍රසාදයට ලක්වූ මන්ත්‍රීවරිය ලෙස හෙළිවෙයි.
Sri Lanka Opinion Tracker Survey (SLOTS) මගින් සිදුකළ මෙම මතවිමසුම සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබද ආයතනය (IHP) විසින් මෙහෙයවනු ලැබූවකි. මෙය ශ්‍රී ලංකා සෞඛ්‍ය හා වයස්ගත අධ්‍යයනය (SLHAS) ශ්‍රී ලාංකේය ශාස්ත්‍රීය හා පර්යේෂණ සංගමය වෙනුවෙන් සිදුකළ මතවිමසුමකි.
ශ්‍රී ලංකාවේ සියලුම පළාත්, සියලුම ජනවර්ග සහ වයස අවුරුදු 18 වැඩි කාන්තා පුරුෂයින් ආවරණය වන පරිදි සිදුකළ මෙම ස්වාධීන මතවිමසුම 2022 සැප්තැම්බර් සහ 2023 මාර්තු අතර කාලය තුළ දිනපතා දුරකතන ඇමතුම් මාර්ගයෙන් සහ සම්මුඛ පරික්ෂණ ක්‍රමයට සිදුකළ මත විමසුමකින් මෙම තොරතුරු අනාවරණය වී ඇත. මෙම මත විමසුම 2021 වර්ෂයේදීද සිදුකර ඇති අතර එහිදීද සුදර්ශීනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය වැඩිම ජන ප්‍රසාදය හිමි මහජන නියෝජිතරිය ලෙස තේරී පත්වී ඇත.
මෙම මතවිමසුමේ මහජන ප්‍රසාදය දෙවැනි තැනට හිමිව ඇත්තේ හිටපු ඖෂධ නිෂ්පාදන, සැපයුම් සහ නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාටය. මතවිමසුම් වාර්තාව 2023 මාර්තු 28 දින නිකුත් කරන ලද්දකි.