ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා අවශ්‍ය තාක්ෂණික සහයෝගය නවසීලන්ත රජය විසින් ශ්‍රී ලංකාවට තවදුරටත් ලබාදෙන බව නවසීලන්ත මහකොමසාරිස් මයිකල් ඇප්ල්ටන් මහතා පවසයි.
නවසීලන්ත මහකොමසාරිස්වරයා සහ මුදල් රාජ්‍ය අමත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අතර ඊයේ(12) පැවැති සාකච්ඡාවක දී මේ බව සදහන් කෙරුණි.
මෙම සාකච්ඡාවේදී විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබාගැනීමට ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පුළුල්ව සාකච්ඡා කෙරිණි.
එමෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථාවත් කිරීම අරමුණු කරගෙන සිදුකරන ලද ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන්ද අවධානය යොමු කෙරිණි. එමෙන්ම මෙරට ආර්ථිකතත්වය, දේශපාලන තත්ත්වය පිළිබඳවද සාකච්ඡාවට බඳුන්විය.
ඒ සඳහා අවශ්‍ය සාකච්ඡා තවදුරටත් පවත්වා ගැනීමටද කටයුතු කරනු ලබන බව මහකොමසාරිස්වරයා සඳහන් කරන ලදී.
රේගු උපදේශ කබ්රෙන්ට් ලිදර්ලන්ඩ් මහතා සහ ප්‍රධාන උපදේශක ජේම්ස් ඇන්ඩර්සන් මහතාද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.