මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක ඔස්ට්‍රේලියාවේ සිට ප්‍රකාශයක් කරමින් පවසමින් කියා සිටින්නේ තමන් ලංකාවට පැමිණි වහාම විදුලි බිල ඉහල දැමීමට කටයුතු කිරීම පිළිබඳව ක්‍රියාමාර්ග ගන්නා බවයි.
“මම සටන නවත්වන්නේ නෑ. ආපු ගමන් උසාවි ගිහින් ගනුදෙනුව බේරගන්න සූදානම්. මෙහෙම ලයිට් බිල වැඩි කරපු අයට පසුතැවෙන්න වේවි. ඇමති කංචනට කිසිම දැනීමකුත් නෑ. කොමිසමේ ඉන්න අනෙක් අයට දැනීමකුත් නෑ. නොදන්නකමට කරපු මේ දේවල්වල ප්‍රතිවිපාක හැමෝටම ලැබේවි.
රුපියල් දහසේ විදුලි බිල මේ වනවිට රුපියල් 4000ක් වෙලා. මේ වගේ වැරදි තීරණ ගත් අයට පසුතැවෙන්න වෙයි. ආණ්ඩුව විසින් මහජන උපයෝගීතා කොමිසමේ නිර්දේශ බැහැරකරමින් සහ එහි සාමාජිකයින්ට විවිධ බලපෑම් සිදුකරමින් ගෙන යන ජනතා පීඩක ක්‍රියාකාරකම්වලට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනවා” යි සභාපති ජනක රත්නායක පවසනවා.