මෙරට තුළ සිටින දියවැඩියා රෝගීන්ගෙන් 50% ක ප්‍රමාණයක් හඳුනාගෙන නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකය පවසනවා.
මෙරට සිදුවන මරණවලින් 83% ක් ම සිදුවන්නේ බෝ නොවන රෝග වලින් බවයි, එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමින්දි සමරකෝන් මහත්මිය සඳහන් කළේ.
රෝගීන් දියවැඩියාව පාලනය නොකිරීම හේතුවෙන් වකුගඩු රෝග වලට ගොදුරු වීම හෝ හෘදයාබාධ වලට ගොදුරු වීම වන බව ද ඇය පැවසුවා.
එසේ නොවුනහොත් අංශභාග තත්ත්වයන්ට හෝ පත්වන බවයි විශේෂඥ වෛද්‍ය සමින්දි සමරකෝන් මහත්මිය පෙන්වා දෙන්නේ.
මේ හේතුවෙන් අධික රුධිර පීඩනය ද ඇතැම් රෝගීන්ට වැළදෙන බව වෛද්‍ය සමින්දි සමරකෝන් මහත්මිය පැවසුවා.
බොහෝ පිරිස් බෝ නොවන රෝග සඳහා ප්‍රතිකාර ලබාගැනීමට නොපැමිණෙන බව ද ඇය සඳහන් කළා.