රුහුණු විශ්වවිද්‍යාලයේ තාක්ෂණික පීඨය සතියක කාලයක් සඳහා වසා දමා ඇති බව රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා සදහන් කරයි.
ඊයේ රාත්‍රියේ එම විශ්වවිද්‍යාල පරිශ්‍රයේ ඇතිවූ සිදුවීමක් හේතුවෙන් මෙම පියවර ගෙන ඇති අතර අද පස්වරු 2ට පෙර විශ්වවිද්‍යාල පරිශ්‍රයෙන් සිසුන්ට පිටවන ලෙස දන්වා ඇත.
විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාර ආශ්‍රිතව ඇතිවූ ඝෝෂාකාරී ශබ්දයක් ගැන ප්‍රදේශවාසීන්ගෙන් ලද පැමිණිල්ලකට අනුව තොරතුරු සොයාබැලීම සඳහා එහි පාලකවරයා එම ස්ථානයට ගොස් තිබේ.
නැවත නේවාසිකාගාර පාලකවරයා සිය නවාතැන වෙත පැමිණි අවස්ථාවේ එහි පැමිණි සිසුන් පිරිසක් විසින් ඔහුගේ බිරිඳට සහ මවට පහරදී ඇති බවට තොරතුරු වාර්තා වී තිබේ.
අදාළ සිසු පහරදීමෙන් තුවාල ලැබූ පාලකවරයාගේ බිරිඳ සහ මව ආඳපාන මූලික රෝහල වෙත ඇතුළත් කර ඇත.