දරුණු රිය අනතුරකට ලක්ව බරපතල තුවාල ලබා සිටින ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ කඩුලූ රකින ක්‍රීඩක රිෂාබ් පාන්ට් වැඩිදුර ප‍්‍රතිකාර සඳහා මුම්බායිහි පිහිටි දිරුබායි අම්බානි රෝහලට මාරුකර යවා තිබෙනවා.
ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කළේ රිය අනතුර සිදු වූ උත්තර්කාන්ද් ප‍්‍රදේශයේ ඩෙරාඩුන් රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි රිෂාබ් ගුවන් ගිලන් රථයක් මගින් මුම්බායි වෙත රැගෙන ආ බවයි.
පසුගිය 30 වැනිදා අලූයම බරපතල රිය අනතුරකට ලක් වූ ඔහුගේ කොඳු ඇට ප‍්‍රදේශයට බරපතල හානි සිදු වී ඇති අතර මුම්බායිහිදී අස්ථි ශල්‍යකර්මයක් සිදු කිරීමට ද නියමිතයි.
අනතුරෙන් පසු රිෂාබ් පාන්ට්ගේ මෝටර් රථය සම්පූර්ණයෙන් ගිනිගෙන විනාශ වී තිබුණා.