Home දේශීය පුවත් රිය අනතුරකින් 15කට තුවාල

රිය අනතුරකින් 15කට තුවාල

by Free News
0 comment

ඇඹිලිපිටිය පොලිස් වසමේ රත්නපුර – ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගයේ 98 කණුව ප්‍රදේශයේ අද (15) සවස සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලබා තිබේ.

ඇඹිලිපිටිය දෙස සිට රත්නපුර දෙසට ධාවනය වූ කැබ් රථයක් එක්වරම මාර්ගය හරහා හැරවීමට උත්සහ කිරීමේදී රත්නපුර දෙස සිට පැමිණී වෑන් රථයක ගැටී වෑන් රථය මාර්ගයෙන් ඉවතට පැන විසිවී ගොස් මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය සදහන් කරයි.

එම අවස්ථාවේ රත්නපුර දෙස සිට පැමිණි යතුරුපැදියක් ද ගැටීමට ලක්ව ඇත.

අනතුරින් වෑන් රථයේ රියැදුරු, එහි ගමන්කළ පිරිස සහ යතුරුපැදිකරු ඇතුළු 15 දෙනෙකු තුවාල ලබා ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.

අනතුරින් පසු කැබ් රථයේ රියැදුරු පළාගොස් ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීමට ඇඹිලිපිටිය පොලිසිය විමර්ශන ක්‍රියාත්මක කරයි.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital