තල්දෙන මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පුනරුත්ථාපනය වෙමින් සිටි රැඳවියන් 9 දෙනෙකු අද පාන්දර 1ට පමණ එලිමහන් සිර කඳවුරෙන් පලාගොස් තිබෙනවා.
ඔවුන් රාමසාන් උපවාසයේ යෙදී සිටි මුස්ලිම් රැඳවියන් පිරිසක් වන අතර බන්ධනාගාර නිලධාරීන් විසින් 02 නෙකු නැවත අත්අඩංගුවට ගෙන ගත් බවයි අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා නිවේදනය කළේ.
බන්ධනාගාර අධිකාරි විසින් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන අතර පලාගිය රැඳවියන් සොයා සොදිසි මෙහෙයුමක්ද කිුයාත්මක කර තිබෙනවා.