Home විදේශීය පුවත් ‘රැටොන්’ ඇල්ලූ දැවැන්ත ආරක්ෂක මෙහෙයුම – 29ක් මරුට

‘රැටොන්’ ඇල්ලූ දැවැන්ත ආරක්ෂක මෙහෙයුම – 29ක් මරුට

by Free News
0 comment

මෙක්සිකානු සිරකරුවෙකු වන මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෙකුගේ පුත්‍රයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා ක්‍රියාත්මක කෙරුණු මෙහෙයුමකදී පුද්ගලයින් 29 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ආරක්ෂක අංශ නිලධාරින් 10 දෙනෙකු ද ඊට ඇතුළත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එල් චපෝ හෙවත් උස්මාන් ලොවේරාගේ පුත්‍රයා වන මොහු හඳුන්වන්නේ, ‘එල් රැටොන්’ යනුවෙනි. ඔහු ඉකුත් බ්‍රහස්පතින්දා අත්අඩංගුවට ගැනුණි. ඒ, මෙක්සිකානු ආරක්ෂක අංශ ක්‍රියාත්මක කළ සාර්ථක මෙහෙයුමකින් අනතුරුවය.

ඔහු අත්අඩංගුවට පත්වුයේ, කුලියකාන් නගරයේදීය. බ්‍රහස්පතින්දා අලුයම මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

ඉන් පසුව ආරක්ෂක අංශ ඔහුව බොයින් 737 වර්ගයේ ගුවන් හමුදාවට අයත් යානාවකින් දැඩි ආරක්ෂාව සහිතව සන්ටා ජුවානා පළාතේ පිහිටි ෆෙඩරල් බන්ධනාගාරයක් වෙත රැගෙනවිත් ඇත.

මෙක්සිකානු ආරක්‍ෂක ලේකම් ලුවිස් ක්රෙනසෙන්සියෝ පැවසුවේ තම ආරක්ෂක අංශයේ 10 දෙනෙකු, සැකකරු අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමේදී මිය ගිය බවයි. මත්ද්‍රව්‍ය ජාවරම්කරුවන් සමග දරුණු වෙඩි හුවමාරුවකින් පසු සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවද, ඔහු පැවසීය.

ආරක්ෂක අංශ නිලධාරින් 35 දෙනෙකු වෙඩි හුවමාරුව අතර තුර තුවාල ලබා තිබේ.

32හැවිරිදි එල් රැටොන් හෙවත් ඔවීඩීයෝ ගුස්මාන් මෙස්කානු සිර බාරයේ සිටින ලොව ප්‍රබලම මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෙකු ලෙස සැලකෙන ගුස්මාන් ලොවේරාගේ පුත්‍රයාවේ. මොහු ද දරුණු ගණයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ අපරාධ කල්ලි නායයෙකු‍ ලෙස සැලකේ.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital