රාජාංගනය ජලාශයේ ජල ධාරිතාව ඉහළ යාම හේතුවෙන් යළි වාන් දොරටු දෙකක් විවෘත කර තිබෙනවා.
අද උදෑසන වන විට වාන් දොරටු දෙකක් විවෘත කර තිබූ අතර ඊට අමතරවයි මෙම වාන් දොරටු දෙක විවෘත කර තිබෙන්නේ. දැනට විවෘත කර ඇති වාන් දොරටුවලින් තත්ත්පරයට ඝන අඩි 2600 ක් කලා ඔයට මුදා හැරෙන බව රාජාංගනය වාරිමාර්ග ඉංජිනේරුවරයා ප්‍රකාශ කළා.
මේ අතර අධික වර්ෂාපතනය හේතුවෙන් කන්තලේ කොට්ඨාසයේ පෙරාරු ප්‍රදේශයේ පහත්බිම් කිහිපයක් ජලයෙන් යටව පවතිනවා. එම ප්‍රදේශයේ නිවාස කිහිපයක්ද ජලයෙන් යටව පවතින ආකාරය දැකගත හැකිවුණා.