දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන්, ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාගය සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කරයි.
ඒ අනුව ඊයේ(27) සිට ලබන මස 10 වැනිදා දක්වා මේ සඳහා අයදුම් කළ හැකිය.
මේ සඳහා ඉල්ලුම් කරන අයදුම්කරුවන් applications.doenets.lk/exams වෙබ් අඩවිය වෙත පිවිස ඊට අදාළ විභාගය සඳහා අයදුම් කිරීම සිදු කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි.