Home දේශපාලනය රාජ්‍ය බැංකුවලින් ණය ලබාගත් දේශපාලකයින්ගේ ණය කප්පාදු කිරීමට ආණ්ඩුව සූදානම් !

රාජ්‍ය බැංකුවලින් ණය ලබාගත් දේශපාලකයින්ගේ ණය කප්පාදු කිරීමට ආණ්ඩුව සූදානම් !

by Free News
0 comment

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන හරහා රාජ්‍ය බැංකුවලින් ණය ලබාගත් දේශපාලකයින්ගේ ණය කප්පාදු කිරීමට ආණ්ඩුව සූදානම් වන බව චරිත හේරත් මන්ත්‍රීවරයා පවසනවා.

ඒ අනුව මෙරට ප්‍රධාන බැංකුවල බොල් ණය බවට පත්ව ඇති එම ණය මුදල් ලබාගත් පිරිස් තවමත් ව්‍යාපාර කටයුතු සිදුකරමින් ඇති බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

මාතලේ ප්‍රදේශයේ ඇතැම් දේශපාලඥයෙක් හෝටලය සඳහා ලබාගත් ණය ගෙවීමක් සිදු නොකරන අතර නමුත් හෝටලය පවත්වාගෙන යන බවත් නැගෙනහිර පළාතේ දේශපාලඥයෙක් තමන්ගේ ව්‍යාපාරවලට විශාල ණයක් ලබාගන්නා බවත් එම ණය මුදල තිබියදී ඔහු එම ව්‍යාපාරයෙන් ඉවත්ව වෙනත් ව්‍යාපාරයක් සිදුකරන බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා. ප්‍ර

ධාන බැංකුවල නොගෙවූ ණය තිබෙන බල සම්පන්න පුද්ගලයින්ගේ ණය වහාම අයකර ගැනීම සඳහා වැඩපිළිවෙළක් සැදිය යුතු බවට ආණ්ඩුවට අවධාරණය කරන බවයි චරිත හේරත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital