පුස්සැල්ලාව සරස්වතී දෙමළ මහ විදුහලේ විද්‍යාගාරයේ රාසායණික ද්‍රව්‍යයක් අඩංගු බෝතලයක් කැඩී එහි දුමාරය ආග්‍රහණයවීමෙන් හුස්ම ගැනීමේ අපහසුතාවයට ලක් වු පාසල් සිසුන් පස් දෙනෙකු හා ගුරුවරුන් තිදෙනෙකු ප්‍රතිකාර සඳහා පුස්සැල්ලාව ප්‍රාදේශීය රෝහලට අද (දෙසැ. 21) ඇතුලත් කොට ඇතැයි පුස්සැල්ලාව පොලීසිය පවසයි.
උසස්පෙළ ශ්‍රේණිවල සිසුන් පිරිසක් හා ගුරුවරුන් පිරිසක් එම විදුහලේ විද්‍යාගාරයේ පරීක්ෂණයක නිරතව සිටියදී එහි තිබු රසායණික ද්‍රව්‍යයක් අඩංගු බෝතලයක් බිම වැටී පුපුරායාමෙන් මෙම අනතුර සිදුව තිබේ.
රසායණික ද්‍රව්‍ය අඩංගු බෝතලය පුපුරායාමෙන් පසුව ඇති වු දුමාරය ආග්‍රහණයවීමෙන් මෙම සිසුන් පිරිස හා ගුරුවරුන් ප්‍රතිකාර සඳහා කඩිනමින් රෝහලට ඇතුලත් කොට ඇති අතර, විදුහලේ අනෙකුත් සිසුන් එම ස්ථානයෙන් ඉවත් කිරීමටද විදුහල්පතිවරයා ඇතුළු ගුරුවරු කටයුතු කර තිබේ.
මේ සම්බන්ධයෙන් ගම්පොල අධ්‍යාපන කාර්යාලයට දැනුම්දීමට පියවර ගෙන ඇති අතර, පුස්සැල්ලාව පොලීසිය විසින් මේ පිළිබඳව වැඩිදුර විමර්ශණ කටයුතු සිදු කරනු ලබයි.