Home දේශීය පුවත් රඹුක්කන තරුණයින් දෙදෙනා ඝාතනයේ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට !

රඹුක්කන තරුණයින් දෙදෙනා ඝාතනයේ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට !

by Free News
0 comment

රඹුක්කන, හුරීමළුව ප්‍රදේශයේදී මළ සිරුරු සොයාගත් තරුණයින් දෙදෙනාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී අදාළ සැකකරුවන් මාවනැල්ල හා වැලිඔය ප්‍රදේශවලදී ඊයේ (15) අත්අඩංගුවට ගත් බවය.

මාවනැල්ල ප්‍රදේශයේදී අතුරුදන්වූ බවට වාර්තා වී තිබූ තරුණයන් දෙදෙනාගේ මළ සිරුරු රඹුක්කන, හුරීමළුව ප්‍රදේශයේ නිවසක් පිටුපස වළදමා තිබියදී පසුගිය 12 වනදා සොයාගත්තේය.

මාවනැල්ල ප්‍රදේශයේදී අතුරුදන්වූ බවට වාර්තා වී තිබූ තරුණයන් දෙදෙනා අතරින් එක් අයෙකුගේ මළ සිරුර පළමුව සොයාගත්තේය.

ඒ, රඹුක්කන හුරීමළුව ප්‍රදේශයේ නිවසක් පිටුුපස වළදමා තිබියදීය.

මාවනැල්ල, කිරිංගදෙණිය හා කෙරමිණියවත්ත ප්‍රදේශයේ පදිංචි තරුණයන් දෙදෙනෙකු පසුගිය නොවැම්බර් 19 හා 25 යන දෙදින තුළ අතුරුදන්ව ඇති බවට මාවනැල්ල පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබුණි.

අතුරුදන්ව තිබුණේ 26 හැවිරිදි මොහොමඩ් ඉක්බාල් මොහොමඩ් අසාර් සහ මොහොමඩ් අන්වර් මොහොමඩ් අර්ෂාඩ් නම් 28 හැවිරිදි තරුණයන් දෙදෙනෙකි.

මේ අතර කෑගල්ල කොට්ඨාස අපරාධ කාර්යාංශයේ පොලිස් කොස්තාපල්වරයෙකුට කිසිවෙකුගෙන් තොරතුරක් ලැබී තිබුණේ රඹුක්කන හුරීමළුව ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන හුරීමළුවේ ෆර්හාන් නමැත්තාගේ නිවස තුළ තරුණයන් දෙදෙනෙකු ඝාතනය කරන අයුරු තමා දුටු බවය.

පොලීසිය පැවසුවේ, තරුණයන් දෙදෙනා හෙරොයින් භාවිතයට ඇබ්බැහිවූවන් බවත් පසුගිය නොවැම්බර් මස රටේ හෙරොයින් හිඟයක් මතුවීමත් සමග ඔවුන් අයිස් මිලදී ගැනීමට මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ නිවසට ගොස් ඇතැයි හෙළි වූ බවය.

මොවුන් ද මින් පෙර මත්ද්‍රව්‍ය ජාවාරම්කර ඇති බවට ද පොලීසිය අනාවරණ කරගෙන තිබේ.

පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු කෑගල්ල මහෙස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය කෑගල්ල මහ රෝහලේ විශේඥ අධිකරණ වෛද්‍යවරුන් ද සමග මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ නිවසේ පිටුපස කොටස පරීක්ෂා කළේය.

නිවසේ පසුපස කොටසේ කොන්ක්‍රීට් තට්ටුවක් දමා කුකුළු කොටුවක් සැකසීමට සකස් කළ ස්ථානයක් පොලීසිය විසින් කණිනු ලැබුවේ ඒ අතරතුරය.

එහි ප්‍රතිඵලයක් ලෙස අදාළ තරුණයින් දෙදෙනාගේ‍ මළ සිරුරු සොයාගැනීමට හැකිවුණි.

සිද්ධියට සම්බන්ධ හුරීමළුවේ ෆර්හාන් නමැත්තා ඇතුළු ප්‍රධාන සැකකරුවන් සිව්දෙනෙකු ප්‍රදේශයෙන් පළාගොස් සිටි අතර පොලිසියේ විමර්ශනවලට අනුව මාවනැල්ල හා වැලිඔය ප්‍රදේශයේදී සැකකරුවන් දෙදෙනකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවකු නිවසේ සඟවා තිබූ මරණකරුවෙකුගේ යතුරුපැදිය ද විමර්ශන නිලධාරීන් සොයාගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital